Print this page

සාමකාමී වාතාවරණයක් පවතිනවා

පෙබරවාරි 10, 2018

පළාත් පාලන ආයතන ඡන්දය විමසීම ආරම්භ වීමෙන් පසු මධ්‍යහන 12.00 වනවිට කිසිදු ප්‍රදේශයකින් බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් සාමකාමී වාතාවරණයක් පවතින බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පවසයි.

සමස්තයක් ලෙස සාමකාමි තත්ත්වයක් පවතින බවත් වෙනත් මැතිවරණවලට වඩා ඡන්දය ලබාදීමේ උද්යෝගයක් පවතින බවට නිරීක්ෂණය වී  ඇති බවත් සිදුවීම් 95ක් වාර්තා වුවත් ඒවා බරපතල සිදුවීම් නොවන බවද
මංජුල ගජනායක මහතා සඳහන් කළේ ය.