Print this page

පරිසර හිතකාමී වාස්තු විද්‍යානුකූල ඉදිකිරීම් රටට අවශ්‍යයි

ජනවාරි 11, 2018

පරිසර හිතකාමී වාස්තු විද්‍යානුකූල ඉදිකිරීම් සහිත සංවර්ධන ව්‍යාපෘති රටට අවශ්‍ය බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පසුගියදා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ පැවති වාස්තු විද්‍යාව පිළිබඳ ප්‍රවීනයෙකු වන ක්වින්ටින් දේවනාරයන මහතා විසින් රචිත “සංවේදී වාස්තු” නැමති කෘතිය දොරට වැඩීමේ උත්සව අවස්ථාව අමතමිනි.

වසර 5000 කටත් වඩා පැරණි මෙම වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පීය යන ජාලයන් දෙක එකට ගමන් කරන විෂයන් දෙකක් හෙයින් නිර්මාණය කිරීමේදී පවා වාස්තු විද්‍යානුකූලව කටයුතු සිදු කරනවා. අපේ ඉතිහාසය ගතහොත් අව්කන පිළිමය, සමාධි පිළිමය, රුවන්වැලි මහාසෑය, කිරිවෙහෙර නිර්මාණ ඒ අනුව ගොඩනැගුන බෞද්ධ සිතුවිලි පහන් කරවන නිර්මාණ වෙනවා.

එපමණක් නොව සීගිරිය වැනි මහා පර්වතයක ඉහලට ජලය ගෙන ගිය වාරි තාක්‍ෂණය ලෝකය මවිත කරවන්නක් බවට පත්වුණා. වර්තමානයේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ඉදිකිරීමට සැලසුම්කර ඇති දේද්දුව සංචාරක ව්‍යාපෘතයේ කටයුතු පරිසර හිතකාමී, වාස්තු විද්‍යානුකූලව සිදු කිරීමට ද සැලසුම් සකස් කරලා තියනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.