Print this page

කතරගම පූජා භූමිය ආශ්‍රිත දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩසටහනක්

දෙසැම්බර් 07, 2017
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කතරගම පූජා භූමිය ආශ්‍රිතව සිටින දරුවන්ගේ සුරක්ෂිතතාවය ඉලක්ක කර ගනිමින් කතරගම, ගෝතමීගම හා නාගහ වීදිය යන ග්‍රාමයෙහි “අපිට යාලු ඉස්කොලේ“ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කරනු ලබයි. 
 
එකී වැඩසටහන් මාලාව යටතේ ගෝතමීගම ග්‍රාමයෙහි දරුවන් විසින් ළමා ශ්‍රමය පිටු දැකීම හා මව්වරුන් විදේශගත වීමට අදාලව නිර්මාණය කරන ලද වීදි නාට්‍ය පසුගියදා සෙල්ලකතරගම පොළ, බුත්තල හා වැල්ලවාය බස් නැවතුම්පොළ ආශ්‍රිතව මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කරන ලදි.  මෙහිදී 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ප්‍රචලිත වන අයුරින් ද එම දරුවන් අදාළ තොරතුරු ඔවුන්ගේ දැනුවත් කිරීමේ නාට්‍ය සඳහා ඇතුළත් කර තිබුණි.
 
ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි සභාපති වශයෙන් මා ද, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙහි වැඩසටහන් අංශයෙහි නිලධාරීන් පිරිසක් හා කතරගම ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී ද සහභාගී වූහ.