අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගතවූ මාස 9 තුළ දුම්රිය මගේ සෙල්ෆි ගැසූ 24ක් මරුට

    ඔක්තෝබර් 19, 2017

    මේ වසරේ ගත වූ මාස 9 තුළ මෙරට දුම්රියවල සහ දුම්රිය මාර්ගවල සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමෙන් තරුණ තරුණියන් 24ක් මරුමුවට පත්වී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

    වසරෙන් වසර දුම්රිය මගෙහි සිදුවන අනතුරු වැඩිවෙමින් පවතින බවත්, 2016 වසරේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු 436කින් පුද්ගලයින් 180ක් මියගොස් 256 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම සභාව සඳහන් කරයි.

    දුම්රිය හරස් මාර්ගවලදී වාහන දුම්රියේ ගැටීමෙන් අනතුරු 84ක් සිදුවී තිබේ. දුම්රියේ ගමන් කරද්දී බිමට ඇද වැටීමෙන් 76 දෙනෙකු ඉකුත් වසරේ මියගොස් ඇත.

    මෙවැනි දුම්රි අනතුරු අවම කිරීම පිණිස දුම්රිය ගමන් මාර්ගයන් ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැනුවත් කිරීම සඳහා පරාවර්තික පුවරු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

    එහි ප්‍රථම වැඩසටහන හෙට (20) පෙ.ව. 8.30ට නාරාහේන්පිට දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට පියවරගෙන ඇතැයි ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya