අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වනවිට ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීමට සැළසුම්

    ඔක්තෝබර් 19, 2017
    වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීමට සැළසුම් දියත් කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක  සෞඛ්‍ය සමුලුවේ දී කියයි.
    ලෝක සෞඛ්‍ය සමුලුව ජර්මනියේ බර්ලින් නුවර දී පසුගිය 15 දින සිට 17 දින දක්වා පැවැත්විනි.
     
    මෙම සමුලුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. මෙහිදී බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද සැසිවාරයක් පැවැති අතර ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා ද එක්ව සිටියහ..
     
    එම සැසිවාරය මෙහෙය වන ලද්දේ ජෝර්දානයේ Dina Mried කුමරිය සහ බ්‍රිතාන්‍යFinancial Times සගරාවේ කතෘAndrew Jack මහතා විසිනි. මෙම සැසිවාරයේ අනෙකුත් සාමාජිකයින් වුයේ බ්‍රිතාන්‍ය බෝනොවන රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරීKatie Dais මහත්මියලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කළාපීය නිලධාරීEaudes Eaiea මහතා,ජර්මනියේSanoFi ඖෂධ සමාගමේ උප සභාපතිStefan Oelrich  යන අයයි.

    මෙම සැසිවාරයේ දී ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාතයවරයා මෙසේ ප්‍රකාශ කළේය. බෝවන රෝග අපේ රටේ මැඩපවත්වා තිබෙනවා. මැලේරියාව, බරවා වැනි රෝග මැඩපවත්වා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබෙනවා. වසර 2020 වනවිට බෝනොවන රෝග පාලනය කිරිම සදහා පියවර රැසක් ගෙන තිබෙනවා. අපේ රටේ රෝහල් වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 60 ක් පමණ මිය යන්නේ බෝනොවන රෝග වලට ගොදුරු වීමෙන්. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිගරට් පැකට්ටුවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, දුම්කොල බදු සියයට 90 ක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය අඩු වී තිබෙනවා. තනි සිගරට් පැකට්ටුව විකිණිම තහනම් කිරිම සහ පාසල් අවට මීටර් 500 ක් දුරින් දුම්වැටි අලෙවි කිරිම තහනම් කිරිම ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya