මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගී ජනතාවට වන අපහසුතාවය අවම කිරීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනවා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය

    ඔක්තෝබර් 12, 2017

     

    ලොකෝ මෝටොව් ඉන්ජිනියරින් වෘත්තීය සමිති හා දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිතිය මගින් ඊයේ (11) ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතිවී තිබෙන දුම්රිය මගීන්ගේ අපහසුතාවයන් අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පෙරවරුවේ අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවක දී පැවසීය.

    මෙම සාකච්ඡාව සදහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඇතුළු නිළධාරීන් ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිළධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

    මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ වැඩ වර්ජකයින් 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ආරම්භ කරන බව දැනුම් දී ඇති බවත් නමුත් එසේ නොකොට 11 වන දින පස්වරු 5.00 ට දුම්රිය වර්ජනය ආරම්භ කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්ය.

    ජනතාව අපහසුතාවයට පත් කරමින් කළ මෙම සාපරාධි ක්‍රියාමාර්ගය පිළිබදව පොලීසිය මාර්ගයෙන් විමර්ෂණයක් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් ලබාදුන් බවයි.

    කෙසේ නමුත් ඊයේ සවස සිට මගී ජනතාවට සිදුවන අපහසුතාවය වැළැක්වීම සදහා ශ්‍රී ලංගමය විසින් කොළඹ සිට පොල්ගහවෙල - අළුත්ගම - ගාල්ල - මීගමුව යන ප්‍රදේශ සදහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන ලදී.

    එමෙන්ම ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ද පෞද්ගලික බස් රථ සේවා පුළුල් කර ඇති අතර වර්ජනය අවසන් වන තෙක් තාවකාලික මාර්ග බලපත්‍ර
    නොමැතිව අවශ්‍යතාවය අනුව පෞද්ගලික බස් ධාවනයට බස් රථ හිමියන්ට අවසරය ලබාදී ඇත.

    මේ අතර ලංගමයේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත. කෙසේ නමුත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසූ අන්දමට අද දින මගී දුම්රිය 12 ක් ධාවනය කර ඇති අතර කටුනායක ගුවන් තොටුපල වෙත ඉන්ධන රැගත් දුම්රියක් ද ධාවනය කර ඇත. එමෙන්ම කලින් වෙන් කරන සුඛෝපභෝගී දුම්රිය සේවාවන් සදහා ශ්‍රී ලංගමයේ වායු සමීකරණය කරන ලද බස් රථ යෙදවීමට ද කටයුතු කරන බවත් ලබාගත් දුම්රිය බලපත් මගින් සුඛෝපභෝගි බස් රථ වලින් ගමන් කිරීමට හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මෙම උද්ගතව ඇති තත්වය පිළිබදව තමා විසින් ජනාධිපතිතුමන් දැනුවත් කර ඇති අතර මෙම වර්ජන ක්‍රියාවලිය අඛන්ඩව ක්‍රියාත්මක කළහොත් මගී ජනතාවට සිදුවන අපහසුතාවය වැළැක්වීම සදහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya