අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි අයවැය මගින් පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි අවධානය - අමාත්‍ය මංගල සමරවීර

    ඔක්තෝබර් 12, 2017

    2018 අයවැය මගින්, මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක බැංකුවේ අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ මෙන්ගට්සු අල්මයේහු මහතා සමග පැවැති හමුවක දීය. මෙම හමුව අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ඊයේ (11) පැවැත්විණි.


    මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි. රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ක්‍රමවේදය මගින් පෞද්ගලික අංශය බලාත්මක කිරීම, දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහි දී අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරයා වෙත කරුණු දැක්වීය.


    මෙම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි තිරසාර වර්ධනය වෙනුවෙන් මුල්‍ය සහ පුහුණු අවස්ථා සලසා දීම ද විශේෂත්වයකි.


    සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය ලබා දෙන සහය අගය කළ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ක්‍රමවේදය යටතේ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ මැදිහත් වීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි ද පැවැසීය.


    පොහොසත් රටක් - ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිව මුදල් අමාත්‍යවරයා ලෙස සිය ප්‍රථම අයවැය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මංගල සමරවීර මහතා එහි දී සඳහන් කළේ පෞද්ගලික අංශය බලාත්මක කිරීම කෙරෙහි මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇතැයි පැවැසීය. අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය ඒ වෙනුවෙන් ලබා දෙන ශක්තිය ද හෙතෙම අගය කළේ ය.


    පෞද්ගලික අංශය සම්බන්ධයෙන් කටයුතු කරන ලෝක බැංකු ආයතනයක් වන අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය, ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් 100ක පමණ ක්‍රියාත්මක වෙමින් උගත් පාඩම් පාදක කරගනිමින් එක් එක් රටවල සංවර්ධන ගැටලු විසඳීම සඳහා මැදිහත් වෙමින් සිටියි. 1956 වසරේ දී එහි ආරම්භයේ දී ම ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනයේ සාමාජිකත්වය ලබා ගත් අතර මේ දක්වා කාලය තුළ ඇ.ඩො. බිලියන 1.3 දායකත්වයක් රට වෙනුවෙන් එම ආයතනයෙන් ලැබී ඇත.


    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේක මනෝ තිත්තවැල්ල, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හේමන්ත පුබුදුසිරි යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

    අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතා ආයතනය වෙනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අධ්‍යක්ෂ අයිඩා රිඩ්ඩිහවු මහත්මිය සහ මූල්‍ය ආයතනයේ කලාපීය කළමනාකාරිනී අමෙනා අරීෆ් මහත්මිය එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya