Print this page

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 15 දා

ඔක්තෝබර් 12, 2017

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 15 වන දා පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1301 ක දී මෙම විභාගය පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 169,212 ක් පෙනී සිටිති.

 

සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 28 වන දා විදුහල්පතිවරුන් වෙත තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර නොලද විදුහල්පතිවරුන් වේ නම් හෝ මෙම විභාගය පිළිබඳ යම් විමසීමක් වේ නම් පහත දුරකතන අංක වෙතින් විමසීම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

 

ක්ෂණික ඇමතුම්                                     : 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 0112 78 42 08 / 0112 78 45 37 / 0113 18 83 50 / 0113 14 03 14

ෆැක්ස් අංකය                                           : 0112 78 44 22