අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව හපනුන්ට ජනමාධ්‍ය නි. ඇමතිගෙන් සුබපැතුම්

    ඔක්තෝබර් 05, 2017

    මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් සිසුන් දෙනා වෙත සුබපැතුම් එක්කිරීමේ උත්සවයක් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍ර‍ධානත්වයෙන් අද (05) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණි.

    මහර අධ්‍යාපන කොට්ඨාසයේ විශේෂ ජයග්‍ර‍හණයක් ලබාගත් මෙම ශිෂ්‍යත්ව හපනුන් වෙත අමාත්‍යවරයා සුබ පැතුම් එක්කළ අතර ලසන්ත අලගියවන්න පදනමෙන් මෙම ශිෂ්‍යත්ව හපන්නුන් වෙත ලැප්ටොප් පරිගණක ප්‍ර‍දානය කළේය.

    මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 354062 දෙනෙකු පෙනී සිටියහ. ඒ අතර මහර අධ්‍යාපන කොට්ඨාසයේ 2550ක් පෙනී සිටි අතර ලංකාවේ අධ්‍යාපන කොට්ඨාස 329න් ඉතිහාසයේ ප්‍ර‍ථමවරට මහර අධ්‍යාපන කොට්ඨාසයෙන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු 10න් ස්ථාන 3ක් ම හිමි කර ගැනීමට හැකිවිය.

    පාසල් දරුවන්ට අධ්‍යාපන ලබාදීමට උපරීම උත්සහයෙන් ඒ වාගේම සෑම ශිෂ්‍යත්ව විභාගයකට පෙර පෙරහුරු ශිෂ්‍යත්ව විභාගයක් පවත්වා එම සිසුන් ඇගයීමට ලක් කළ බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ශිෂ්‍යත්ව විභාගය කඩඉම් ලකුණු 70ක් ලබාගැනීමට හැකි නම් එය සාර්ථක ප්‍ර‍තිඵලයක් බව ද සඳහන් කළේය.

    එම තත්ත්වය 6 ශ්‍රේණියේ සිට වර්ධනය කර ගැනීමට එම සිසුන් හැකි වන බවත් මහර අධ්‍යාපන කොට්ඨාසයේ භෞතික හා මානව සම්පත් නිසි ලෙස ලබාදුන් නිසා මෙවැනි උසස් ප්‍ර‍තිඵලයක් තම දිස්ත්‍රික්කයට ලබාගැනීමට හැකි වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට කොට්ඨාස අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya