අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ වෙබ් අඩවියක් එළිදකී

    ඔක්තෝබර් 05, 2017

    ‍ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA)  මගින් ක්‍රියාත්මක රාජ්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සඳහා සකස් කරන ලද වෙබ් අඩවිය එළිදැක්වීම  පසුගියදා එම අමාත්‍යාංශයේදී  සිදුවිය.

    අමාත්‍යංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති එමගින් රටට ලැබෙන ප්‍රතිලාබ ‍විදේශීය වශයෙන් රටට ලැබෙන ආයෝජන අවස්ථාවන් මෙන්ම  ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යපෘති ඇතුළු තොරතුරු රැසක් මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිවේ.

     සිංහල දෙමළ ඉංග්‍රීසි යන  භාෂා ත්‍රිත්වයෙන්ම වෙබ් අඩවියට තොරතුරු ඇතුලත් කර තිබෙන අතර ජංගම දුරකතනය ඔස්සේද මෙම වෙබ් අඩවියට ප්‍රවේශවීමේ පහසුකම් සහිතව නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන බව  නියෝජිතායතනය පවසයි.

    මෙම වෙබ් අඩවිය දියත් කිරීම අමාත්‍යය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතින් සිදුවු අතර එහිදී අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා සදහන් කර සිටියේ අභිනවයෙන් ආරම්භ කරන ලද තම අමාත්‍යංශයේ තොරතුරු රටට ජනතාවට සහ ආයෝජකයින්ට  දැන ගැනීම සදහා වෙබ් අඩවියක් එලිදැක්වීමට හැකිවීම කාලීන වශයෙන්  ඉතා වැදගත් වන බවයි.

    www.mrd.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya