අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු සහ දෙවැනි ශ්‍රේණියටත් ඉංග්‍රිසි පෙළපොත් 2ක්

    ඔක්තෝබර් 05, 2017

    නූතන ගෝලීය සමාජය ජයගත හැකි සිසු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පාසල් තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව, පළමු ශ්‍රේණියට සහ දෙවැනි ශ්‍රේණියට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පෙළපොත් 2ක් ලබන වසරේ සිට හඳුන්වාදීමට නියමිත අතර, ජාතික අධ්‍යාපන ආයතනය හරහා පෙළපොත් සම්පාදනය මේ වනවිට සිදුකර තිබේ.

    මේ වනවිට 03 ශ්‍රේණියේ සිට ඉහළට ඉංග්‍රීසි භාෂාවට අදාළ පෙළ පොත් ලබාදෙන අතර, ප්‍රාථමික අංශයේ 1 සහ 2 ශ්‍රේණිවල සිට ම විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් සියලු ම සිසුන් වෙත ලබාදීම මෙම නව පෙළපොත් ලබාදීමේ  අරමුණයි.

    මීට අමතරව පාසල් දරුවන් වෙත පෙළපොත් ලබාදීමේ දී පෙළ පොත් සමඟ එහි අන්තර්ගතය වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කර සකස් කරන ලද සංයුක්ත තැටි (CD) ලබාදීම පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී අතර, පෙළපොත් කිහිපයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේ දී මෙය හඳුන්වාදීමට සැලසුම් කර ඇත. පාසල් දරුවන් අතර e සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහාත්, වඩාත් ආකර්ෂණීය ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රචලිත කිරීම සඳහාත් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya