අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ජන නිසා ඇතැම් වෛද්‍යවරුන් ගරුත්වය නැති කරගෙන - සුව ඇමැති කියයි

    ඔක්තෝබර් 04, 2017
    2017 ලෝක වැඩිහිටි දිනය සමරමින් රාජිත සේනාරත්න පදනම සහ බේරුවල යහපාලන සංසදය ඒකාබද්ධව සංවිධානය කළ ප්‍රයාම ප්‍රණාම උත්සවය අලුත්ගම ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගණයේ දී පැවැත්විනි.
    ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - සෞඛ්‍ය සේවාව තුල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පමණයි සිටියේ. නමුත් වර්තමානයේ වැඩිහිටියන් පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ද සිටිනවා. ඉදිරියේ දී වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. රෝග වලට වැඩිහිටියන් ගොදුරුවීම වැළැක්වීම සදහා සෞඛ්‍ය සේවාව තුළ ද වැඩි මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා. වයඹ, සබරගමුව හා මොරටුව යන විශ්ව විද්‍යාලවල නව වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. රුහුණූ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පුලුල් කිරීමට ද පියවර ගන්නවා. රජය විසින් අධ්‍යානය පෞද්ගලීකරණය කරන බවට ඇතමුන් චෝදනා කරනවා. නමුත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමක් සිදු කරන්නේ නැහැ.
     
    සයිටම් එකක් එල්ලාගෙන තමයි ඒ අය මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ. නිදහස් අධ්‍යාපන අදහස පළමුව ඉදිරිපත් කළේ සමසමාජ නායකයින් විසින්. නමුත් පසුව නිදහස් අධ්‍යාපනය සී.ඩබ්.ඩබ් කන්නංගර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තා. නමුත් වර්තමානයේ තිබෙන්නේ මුදල් තිබෙන අයටත් ඉගෙන ගන්න එපා කියන දර්ශණයක්. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගඩොල් කපන කම්කරුවෙකුගේ දරුවෙක් ද අධ්‍යාපනය ලබනවා. ඒ ශිෂ්‍යත්වයක් ලබමින්. එවැනි අයට අධ්‍යාපනය ලැබීමට අයිතියක් නැද්ද. ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂ එයටත් බදා කරනවා. සයිටම් සිද්ධිදාමයට අපේ රජයෙත් සමහරු බයයි. නමුත් මම බය නැහැ. සයිටම් ගැන කථා කරන්න මට පුලුවන්.
    ගම්වල ජනතාව වෛද්‍යවරුන්ට බනිනවා. වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජන කිරිම නිසා ජනතාව තුල වෛද්‍යවරුන් පිළිබද තිබූ ගරුත්වය නැති වෙලා. කැපවෙලා වැඩ කරන වෛද්‍යවරුන් ද ඉන්නවා. උදාහරණයක් ලෙස මහනුවර මහ රෝහලේ හෘද සැත්කම් සිදු කරන වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා නම් කරන්න පුලුවන්. නමුත් ඇතැම් වෛද්‍යවරුන් කරන වැඩ හේතුවෙන් සියලුම වෛද්‍යවරුන්ට ජනතාව බනිනවා. වෛද්‍යවරුන් බලාගෙන ඉන්නේ වැඩවර්ජන කරන්න.
     
    බොරු සටන් පාඨ ඉදිරිපත් කරමින් වැඩ වර්ජනවල නිරත වෙනවා. අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස අපි තහවුරු කළ යුතුයි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව ප්‍රශ්ණයක් තිබෙනවා නමි සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතුයි. ඒ පිළිබදව අද කොහෙවත් නැති දහමක් ගැන කථා කරනවා. අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම රජයෙන් ලබාදෙන්න බැහැ. එම අයිතිය ලබාදෙන්න මමත් සටන් කළා. නමුත් එය පරාජය වුනා. අද ඉන්න වෛද්‍යවරුන් මොනවා ප්‍රකාශ කරනවා ද දන්නේ නැහැ.
     
    සටන් පාඨ දේශපාලනයක් කරන්නේ. රජය තීන්දුවක් ගත යුතුයි. සයිටම් ආයතනය පෙන්වා ඇතැම් අය ඡන්දය ඉල්ලන්න බලාගෙන ඉන්නවා. අපේ දරු පරපුර ආරක්ෂා කළ යුතුයි. ජනතාවට ප්‍රශ්න තිබෙනවා. නමුත් ජනතා ප්‍රශ්න විසදීමට අපි කටයුතු කළ යුතුයි. මට විවිධ විවේචන එල්ල වෙනවා. බැනුම් අහන්න මම බය නැහැ. බැන්නට ඇගේ වදින්නෙත් නැහැ.  රට ගොඩනැංවීමට රජය කටයුතු  කරනවා.

    මෙම අවස්ථාවට මහාසංඝරත්නය, සෞඛ්‍ය නිලධාරින්, හිටපු පළාත් පාලන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya