මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැට දෙලක්ෂයක ජනවරමෙහි අරමුණු සැබෑවක් බවට පරිවර්තනය කිරීමට සියලු දෙනා පෙරට පැමිණිය යුතුයි

    ඔක්තෝබර් 04, 2017

    හැට දෙලක්ෂයක ජනවරම ආරක්ෂා කරමින් එහි අරමුණු සැබෑවක් බවට පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනා පෙරට පැමිණිය යුතු බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

      දූෂණය පිටු දැකීම, රාජ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම මෙන්ම ජාතික සංහිදියාව ඇති කිරීම යන කාරණා මෙම ජනවරමේ ප‍්‍රධාන අරමුණු බව අමතක නොකළ යුතු යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එමෙන්ම මෙම ජනවරමේ ගෞරවය ජනතාවට අත්කර දෙමින් එමගින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් නිසි පරිදි ඉටුකර දීමේ වගකීමෙන් වැඩි කොටසක් එක්සත් ජාතික පක්ෂය වෙත පැවරී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    එක්සත් ජාතික පක්‍ෂයේ ආණමඩුව ආසනයේ ශාකා සංවිධාන නියෝජිතයින් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැති සාමාජික හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා එසේ කීය. ආණමඩුව එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී මෙම හමුව පසුගියදා (02) පැවැත්විණ.
     

     දූෂණය පිටු දැකීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, සංහිදියා වැඩපිළිවෙල හා සංවර්ධනය යනාදී මූලික කරුණු මත පදනම් වූ ගමන වේගවත් කිරීම යුගයේ අවශ්‍යතාව බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ජනවරම ආරක්ෂා කරමින් මූලික අරමුණු ඉටුකර ගැනීම සඳහා ශක්තිය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.  එහෙයි කියමින් සියල්ල අනුමත කරනවාට වඩා  සමාජයට පැවරෙන වගකීම වන්නේ, මෙහෙමයි කියමින් යෝජනා, සංශෝධන හා විවේචන ඉදිරිපත් කරමින් නිවරදි මාවත පෙන්වා දීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා,

    මේ ගමන ඉතා සංකීර්ණයි. සියල්ල සම්පූර්ණ නොවුනත් බොහෝ දේ මේ වන විටත් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. අනපනත්, නීති රෙගුලාසි, ආයතන ව්‍යුහයන් අනාගතයට ගැලපෙන පරිදි සංශෝධනය කරමින් ඒ ගමන ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙනවා. විවේචන, විරෝධතා, මෙන්ම වෛරී දේශපාලන කි‍්‍රයාදාමයන් පරයමින් මෙම වැඩපිළිවෙල දියත් කිරීමට සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති සමගි සම්පන්නභාවය හා විශ්වාසය හේතුවෙන් කිසිදු බලවේගයකට මේ ගමන නතර කරන්න බෑ.  ගමන ස්ථිරයි, එහෙත් තරමක් මන්දගාමීයි.  කෙහොම වුණත් මේ ගමනේ නිමාව සනිටුහන්වන දිනය, ශී‍්‍ර ලංකාවේ මතු දියුණුව පිිළිබඳ අමරණීය සිහිවටනයක් වන බවට කිසිදු සැකයක් නැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya