අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමයින් වෙනුවෙන් ගුවන් හමුදාවෙන් විශේෂ වැඩසටහන්

    ඔක්තෝබර් 02, 2017

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙවරත් ලෝක ළමා දිනය වෙනුවෙන් ''සතුට පිරුනු සොඳුරු ලොවක්'' යන්න තේමාව කරගනිමින් දරු දැරියන්  වෙනුවෙන් සුවිශේෂි වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි.

    මේ සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව  පොලොන්නරුව වැලිකන්ද  මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් සංවිධානය කර ඇත.

    මෙම වැඩසටහන් මාලාව සඳහා  මෙතෙක් කිසිඳු දිනක කොළඹ නගරය වෙත  නොපැමිණ තිබූ පොලොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දක්ෂතාවලින් පරිපූර්ණ වූ ශිෂ්‍යය ශිෂ්‍යාවන් 50 දෙනකු ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මියගේ මඟපෙන්වීම යටතේ කොළඹ ප්‍රදේශයේ චාරිකාවක් සඳහා එක්වූහ.

    මෙම දරු දැරියන් පැවති වැඩසටහන් සඳහා සහභාගී කරවීමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීම සඳහා ද විශේෂ ගුවන් සවාරියක් ද කොළඹ නගරයේ සංචාරයක් සඳහා ද අවස්ථාව ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya