අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග නීති කඩකරන්නන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක්

    සැප්තැම්බර් 23, 2017
    මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩපිළි‍වෙළක් අද (23) සිට ඉදිරියට සති කිහිපයක් පුරා කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    මේ අනුව සිවිල් ඇඳමින් සැරසුනු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වහානවලින් කොළඹ නගරය තුළ ස්ථානය කිහිපයක් ආවරණය වන පරිදි ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් නිරීක්ෂණය කරනු ලැබේ. ඉන් අනතුරුව මාර්ගයේ රාජකාරි කටයුතුවල යොදවා ඇති නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මගින් අදාළ වාහන නවතා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
     
    රථවාහන අනතුරු අවමකරමින් විනයගරුක නීති ගරුක රියදුරන් බිහිකිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya