අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජා විද්‍යාත්කම සහ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

    සැප්තැම්බර් 22, 2017
    2016 වසරේ දී දිවයින පුරා පවත්වන ලද ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණයේ  අවසන් වාර්තාව පසුගිය දා එළිදැක්විණි. එම අවසන් වාර්තාවේ පළමු පිටපත සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා වෙත පිළිගන්වා ඇත.
     
    වයස අවුරුදු 15-49 අතර කවදා හෝ විවාහ වූ කාන්තාවන් සහ ඔවුන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් පිළිබඳව පවත්වන ලද මෙම සමික්ෂණයේ දී එක් රැස් කරන ලද තොරතුරු අතර ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, සෞඛ්‍ය තොරතුරු සහ නිවාස ආශ්‍රිත තොරතුරු ප්‍රධාන වේ. 
     
    මෙහිදී කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය , පවුල් සැලසුම පිළිබඳ දැනුම සහ භාවිතය, දරු ප්‍රසූතියට පෙර සහ පසු සෞඛ්‍ය තත්වය පිළිබඳ තොරතුරු, දරුඵල ගැන කැමැත්ත, ඒඩ්ස් හා වෙනත් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුම, සුවනාරී සායන පිළිබඳ දැනුම, දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ තොරතුරු, දරුවන් හා මව්වරුන්ගේ පෝෂණ තොරතුරු, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳ තොරතුරු ආදිය එක්රැස් කර ඇත. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දත්ත මත පදනම් වූ  තීරණ ගැනීමට අවශ්‍ය විශාල තොරතුරු ගණනාවක් මෙම වාර්තාවේ ඇතුළත් වේ.  
     
    2016 ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයට අනුව දරුඵල ලැබීමේ වයසේ (අවු: 15-49) පසුවන  කාන්තාවකට ලැබෙන දරුවන් ගණන 2.2 බවත් විවාහක කාන්තාවන් විසින් පවුල් සැලසුම් ක්‍රම භාවිතය දැනට සියයට 65ක් පමණ වන බවත් හෙළිවී ඇත. 
     
    අවසන් වාර්තාවේ ඇතුලත් තොරතුරු පිළිබද අදහස් දක්වමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පැවසූවේ ගැබිණි මව්වරුන් සියළුදෙනාම පාහේ පූර්ව ප්‍රසව සායන වෙත පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඇති බවත් ළමා මරණ, ළදරු මරණ හා වයස අවුරුදු 5ට අඩු ළමා මරණ යනාදිය අඛණ්ඩව අඩු වෙමින් පැවතීම වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කර ගෙන ඇති විශාල ජයග්‍රහණයක් වන බවයි. 
     
    ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දත්ත හා දර්ශක ගණනාවක් ඇතුලත් මෙම අවසන් වාර්තාව  www.statistics.gov.lk හි තුළ ඇතුළත් කර ඇති බව තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය. 
     
    සෞඛ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා වන ලෝක බැංකු (මූල්‍ය සහයෝගය මත) මගින් ක්‍රියාත්මක වන දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය (සංරචක II) යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම ක්‍රියාව සිදු කොට ඇත.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (NCD) සහ දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය  (සංරචක II) හි අධ්‍යක්ෂ වෛද්‍ය එස්.සී. වික්‍රමසිංහ මහත්මිය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන  අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය ඇතුළු මෙම ආයතන දෙකෙහි නිලධාරීන් මෙන්ම විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya