Print this page

ක්‍රිකට් ගැටලු විසඳීමට වැඩමුළුවක් අනිද්දා

සැප්තැම්බර් 13, 2017

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණපා ඇති අභියෝග හමුවේ විසඳුම් සෙවීම සඳහා වැඩමුළුවක් ලබන 15 වන (අනිද්දා) පෙ.ව. 9.30 සිට දවස පුරා වෝටර්ස් ඒජ්හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ  අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට්  තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම වැඩමුළුව සඳහා හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායකයින්, ක්‍රිකට් අතුරු පාලක සභාවේ කමිටු සාමාජිකයින්, වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයින්, පළාත් ක්‍රිකට් මණ්ඩල සංගම් නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

වත්මන් ක්‍රිකටි ක්‍රීඩාව හමුවේ ඇති අභියෝග සහ ඒවාට විසඳුම් ලබා ගැනීම පිළිබඳව සියලු දෙනාගේ මත විමසීමක් සහ සාකච්ඡා කිරීමක් ‍මෙදින සිදු වන බවත් එහිදී ලබා ගන්නා ප්‍රතිපත්තිමය තීණ්දු  ක්‍රිකට් පාලක මණ්ලයට ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.