අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහ ඖෂධ භාවිතාවකට සියලු දෙනා එක්වෙමු - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    සැප්තැම්බර් 13, 2017

    ඖෂධ නිසි ලෙස භාවිතා නොකොට ඉවත දැමීමෙන් රටේ ආර්ථිකයට එය බලපාන බවත්  රෝගීන් විසින් ඖෂධ නිසි උපදේශයකින් තොරව භාවිතා කළොත් එය ශරීරයට අහිතකර ලෙස බලපාන බවත් ඒම නිසා රටේ යහ ඖෂධ භාවිතාවකට සියලු දෙනා එක්වෙමු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.


    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී මේ බව සඳහන් කළේ,ලෝක රෝගී ආරක්ෂණ දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා; ඖෂධ කියන්නේ රසායනික එකතුවක්. එය නිසි අවබෝධයකින් නිසි මාත්‍රාව ලබාගත යුතුයි.නැතිනම් තමන්ගේ ඖෂධයෙන්ම තම මරණය ගෙන ඒමට පුළුවන්.ජනතාව තමන්ට ලබාදෙන ඖෂධ වට්ටෝරුව පිළිබඳව දැන සිටිය යුතුයි.

    එදා ඖෂධ ශාලා ජනතාවට විවෘතව තිබුණේ නෑ. තිබුණේ කුඩා කවුළුවක් විතරයි. ඖෂධවේදියා දැක්කේ නැහැ. මේ තුළම ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා ඖෂධ ශාලා විවෘතව තබිය යුතුයි. ඖෂධ ලබාගන්නා අය සහ ලබාදෙන්නා අතර සංවාදයක් ඇතිවිය යුතුයි. දැන් මෙය ක්‍රමාණුකූලව සිදු වෙනවා.ඖෂධවේදීන් මහජනතාව සමඟ සිටිය යුතු කියන මතයක් තිබෙනවා. ඒ නිසා ඖෂධ නියමකරන්නා, ඖෂධ ලබාදෙන්නා සහ භාවිතා කරන්නා යන අය එක තලයක සිටිය යුතුයි.එයට සාක්ෂරතාවක් තිබිය යුතුයි කියන්නේ ඒ නිසයි.මේ පිළිබඳව දැන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya