මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමන්ට ලබාදෙන ඖෂධ පිළිබඳව දැනගැනීමට රෝගීන්ට අයිතියක් තිබෙනවා - සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අවශ්‍යයි

    සැප්තැම්බර් 13, 2017

    වෛද්‍යවරුන්ගෙන් හෝ ඖෂධවේදීන්ගෙන් තමන්ට ලබාදී ඇති ඖෂධ පිළිබඳව දැනගැනීමට රෝගියාට අයිතියක් තිබෙන බවත් ජනගහනයෙන් සෞඛ්‍ය පිළිබඳව පවතින සාක්ෂරතාවය සියයට 50%ට වඩා අඩු බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචර්ය වෛද්‍ය  ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.

    මහාචර්ය වෛද්‍ය  ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය අද (13) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී මේ බව ප්‍රකාශ කළේ, ලෝක රෝගී ආරක්ෂණ දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

    ඖෂධ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින මූලික අවබෝධය අඩුවීම ගැටළුවක්. මෙයට විසඳුමක් ලෙස ජනතාව අතර ඉහළ සෞඛ්‍ය සාක්ෂරතාවක් තිබිය යුතුයි. තමන් භාවිත කරන ඖෂධ පිළිබඳව දැනගෙන භාවිතා කළ යුතුයි. බටහිර ඖෂධ පිළිබඳව සඟවන්න කිසි දෙයක් නෑ.


    ඖෂධ භාවිතයේ දී රෝගීන් ප්‍රධාන වශයෙන් දැනගත යුතු කාරණා පහක් පවතිනවා. ඖෂධයේ නම, මාත්‍රාව, භාවිතා කරන්නේ කුමන රෝගයට යන කාරණය, කී වරක් ගත යුතු ද?  භාවිතා කිරීම පිළිබඳව වෙනත් තොරතුරු යන කරුණු පිළිබඳව දැන සිටීම වැදගත්.

    ඖෂධ භාවිතය නිසා සිදුවන වැරදි සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අභියෝගයක් ලබා දී තිබෙනව.වසර 2022 වන විට ලෝකයේ ඖෂධ වැරදි නිසා සිදුවන බරපතල හානී සියයට 50% දක්වා අඩු කරගැනීම එම අභියෝගයයි. ඒ නිසා ලෝක රෝගී ආරක්ෂණ දිනය සැප්තැම්බර් 17 දිනට යෙදී තිබෙනවා.

    එක්සත් ජනපදයේ වාර්තා අනුව එක් වසරක දී ඖෂධ වැරදි නිසා සිදුවන මරණ 180,000ක් බව සොයාගෙන තිබෙනවා.ඉන් වළක්වාගැනීමට හැකි ප්‍රමාණය සියයට 50%ත් 78%ත් අතර ප්‍රමාණයක්.සංවර්ධනය වන රටවල රෝගීන්ගෙන් සියයට 10%ක් රෝහල්ගත කිරීමෙන් පසු අනතුරු සිදු වෙනවා.එය සංඛ්‍යාවක් ලෙස එකට තුන්සියයයක අනුපාතයක්.මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන කාරණා කීපයක් බලපානවා. ඖෂධ ක්‍රියාවලියේ අදියරවල සිදුවන වැරදි විය හැකියි. ඖෂධ සම්බන්ධයෙන් රෝගීන් තුළ පවතින දුර්වල සාක්ෂරතාවය  ප්‍රධාන කරුණක්.ඒ නිසා මෙම සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ නංවාගැනීම වැදගත් කටයුත්තක් බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya