අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය ඇම සඳහා යොදාගන්නා විකල්ප මත්ස්‍ය වගාවට සහන

    සැප්තැම්බර් 13, 2017
    මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගන්නා චීනයෙන් ආනයනය කරනු ලබන දැල්ලන්ගේ මිල ඉහළ යන බැවින් මත්ස්‍ය ඇම සඳහා යොදාගන්නා විකල්ප මත්ස්‍ය වගාවට සහන ලබා දීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත.
     
    මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගන්නා චීනයෙන් ආනයනය කරනු ලබන දැල්ලන් විශේෂයේ මිල ගණන් ඉහළ ගොස් තිබේ.මේ නිසා එම දැල්ලන්ගේ මිල ගණන් අඩු කරන ලෙස ධීවර ප්‍රජාව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයෙන් ඉල්ලීම් කළ ද ආනයනය කරනු ලබන මෙම දැල්ලන් සඳහා බදු මුදලක් අය නොකරන බැවින් ඒවායේ මිල ගණන් අඩු කිරීමේ හැකියාවක් නැති බව පෙනී ගොස් තිබේ.
     
    එම නිසා මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගත හැකි විකල්ප මත්ස්‍ය වගාව සඳහා අවශ්‍ය සහන ලබා දීමට පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ නිලධාරීන්හට උපදෙස් දුන්නේය. 
     
    ඒ යටතේ "වේක්කයා" නැමති මත්ස්‍ය විශේෂය ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ට මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගත හැකි අතර එම මත්ස්‍ය වගාව සඳහා ඉදිරිපත්වන්නන්ට රුපියල් ලක්ෂ 05 බැගින් ආධාර මුදලක් සැපයීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබා දීමටත් ධීවර අමාත්‍යංශය තීරණය කර තිබේ. 
     
    මෙම මත්ස්‍ය වගාව සඳහාමේ වන විට බලපිටිය මාදු ගඟ ඉඩමක් ද, හලාවත ප්‍රදේශයෙන් තවත් ඉඩමක් ද හඳුනාගෙන තිබෙන අතර මෙම වේක්කයා නැමති මත්ස්‍ය වගාව සඳහා ඉදිරිපත් වන ධීවර ප්‍රජාවට ප්‍රමුඛත්වය ලබා දී ඔවුන්ගේ ජීවනෝපාය නැංවීමේ වැඩපිළිවෙළක් වශයෙන් මෙම මත්ස්‍ය වගාවට සහන ලබා දෙන බව අමාත්‍යවරයා කීය. 
     
    මේ හැර "වේක්කයා" මත්ස්‍ය වගාවට ඉදිරිපත්වන්නන්හට රාජ්‍ය බැංකුවක් මඟින් සහන පොළී පදනම මත මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා කීය. 
     
    චීනයෙන් ආනයනය කරනු ලබන දැල්ලන් විශේෂය ඉදිරි කාලය තුළත් මිල ඉහළ යා හැකි බැවින් මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගත හැකි වේක්කයා මත්ස්‍ය වගාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම මඟින් ධීවර ප්‍රජාවට විශාල පහසුවක්  සැළසෙන බව ද අමාත්‍යවරයා කීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya