මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කෙරේ

    සැප්තැම්බර් 13, 2017

    සුවිශේෂී දක්ෂතා ඇති දරුවන් සඳහා පිරිනැමෙන සුභග ශිෂ්‍යත්ව වැඩසටහනට  අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 22 දක්වා දීර්ඝ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධ්‍යාපන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව ක්‍රීඩා, කලා හා නව නිර්මාණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂ දක්ෂතා දක්වන සිසු දරුවන් සඳහා  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම 2017 ජූලි මස 31 වන දින ආරම්භ විය.

    නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම උදෙසා ක්‍රියාවට නංවා ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ක්‍රීඩා , සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ නව නිපැයුම් යන විශේෂ කාණ්ඩ 3ක් යටතේ දක්ෂතා දක්වන සිසුන් 1000 සඳහා මසකට රු.2,500.00 බැගින් වාරික 20 ක් සඳහා රු.50,000.00ක ශිෂ්‍යත්වයක් ලබා දෙනු ලැබේ.

    මෙහි ආරම්භක පියවර ලෙස අ.පො.ස.(උ.පෙළ) හැදෑරීම ආරම්භ කරනු ලබන 12 වන ශ්‍රේණියේ දරුවන් සඳහා මෙම සුභග ශිෂ්‍යත්වය ප්‍රදානය කරනු ලබන අතර ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සිසුන් විසින් තම මේ  මස 22 දිනට පෙර ඉල්ලුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටි.

    අදාළ අයදුම්පත් සහ වැඩි විස්තර www.moe.gov.lk  අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya