Print this page

අන්තර්ජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කෙරේ

සැප්තැම්බර් 12, 2017

අන්තර්ජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඊයේ දින ( 11) වන දින දවස පුරා ගාල්ල හොල් ඩී ගොල් ශාලාවේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා, ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම ළමා ආරක්ෂක නිලධාරීන් සහ සියළු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහභාගි වී සිටියහ.

මෙහි දී අදහස් දැක් වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභපතිනි නීතිඥ මරිනිද ලිවේරා මහත්මිය, “නව තාක්ෂණය වේගයෙන් ඉදිරියට ඇදෙන විට නීතිය ගොඩක් පිටුපසින්, ඒ අභියෝගය අපිටත් තබෙනවා.මාධ්‍ය නිදහසත් සමගින් නව මාධ්‍යය නිදහස සීමා කරන්න නොහැකියි. එහෙම නම් අපිට සිදු වෙනව අන්තර්ජාලය මගින් සිදුවන අපරාධ අපයෝජන ගැන ප්‍රජාව දැන්වත් කරන්න. මුළු ප්‍රජාවම බල ගැන්විය යුතුයි.ජාලගතව මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.“

 

මෙහි දී අදහස් දැක් වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ස්ථාන භාර විමර්ශන නිලධාරී,චම්පිය කේ. අයගම මහතා පෙන්වා දුන්නේ,අවුරුදු 10-17ක් වයසේ පසුවන දරුවන්ගෙන් 19%ක් අන්තර්ජාල භවිතා කරනුයේ ලිංගික දර්ශන නැරඹීමට යොමුව ඇති බවයි. මෙරට කුරුණෑගල, මහනුවර, රත්නපුරය, කොළඹ, ගම්පහ,කළුතර,මීගමුව යන ප්‍රදේශයන්හි අන්තර්ජාල අපයෝජන සක්‍රිය කලාප ලෙස හදුනාගෙන ඇති
බවත්ය.


ශ්‍රි ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයේ ප්‍රදාන ඉංජිනේරු රොහාන් චන්ද්‍රගුප්ත මහතාද එක්ව සිටියේ ය. ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා ද එක්ව සිටියේ ය.