Print this page

පාර්ලිමේන්තු ඇමැතිවරුන්ට ද්‍ර‍විඩ භාෂා වැඩසටහනක්

අගෝස්තු 12, 2017

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ද්‍රවිඩ භාෂා අධ්‍යාපනය ලබාදීම අරමුණු  කරගනිමින්  ජාතික සහජීවනය , සංවාද හා  රාජ්‍ය භාෂා  අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩසටහනේ සමාරම්භය කථානායක  කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (  11) පැවැත්විණි.

මෙම  අවස්ථාවට  අමාත්‍ය  මනෝ ගනේෂන්, නියෝජ්‍ය කාරක සභා  සභාපති සෙල්වම්  අඩෛක්කලනාදන්, මහාචාර්ය ජේ.බී  දිසානායක යන  මහත්වරුන්ද   එක්  වූහ.