Print this page

ගං වතුරින් හානියට පත් වූ ණය ගනුදෙනුකරුවන්ට සහන

අගෝස්තු 12, 2017

පසුගිය කාලයේ පැවති ගං වතුර, යහපත් කාලගුණිත තත්ත්වයන් සහ ඊට සම්බන්ධ සිද්ධීන් නිසා හානියට පත් ණය ගනුදෙනුකරවුන්ගේ ව්‍යාපාර කටයුතු යළි නඟා සිටුවීමට හා ජීවන කටයුතු සාමාණ්‍ය තත්ත්වයට පත්කරලීම සඳහා ණය සහන සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව අවසර ලබාදී ඇත.

ඒ ඒ අවස්ථානුකූලව පහත සහනයන් ලබාදීමට සියලු ම බලපත්‍රලාභී බැංකු සඳහා මහබැංකුව මෙසේ අවසර ලබාදී තිබේ.

ඒ අනුව එකී ගනුදෙනුකරුවන් වෙත 2017 මැයි මස 25 වන දින තෙක් පැවති සක්‍රීය ණය පහසුකම් සඳහා මාස 3කට නොවැඩි සහන කාලයක් ලබාදී සහ එම කාලයට අදාළදඩ පොලී කපා හැරීම සිදු වේ.

මහබැංකුට දැනට ලැබී ඇති තොරතුරු අනුව එම ගංවතුර ත්ත්වයෙන් හානියට පත් ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් මේ සම්බන්ධව දැනුම්වත් වී නොමැති බැවින් ඉහත සහන ලබාදෙන නොමැති බව බව මහබැංකුව පෙන්වා දෙයි.

එම නිසා අදාළ ගනුදෙනුකරුවන්ට තමාගේ ළඟම ඇති බැංකු ශාඛාවෙන් මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙස මහබැංකුව වැඩිදුරටත් දන්වා සිටි.