Print this page

ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීමට මෘදුකාංගයක්

ජූලි 17, 2017
දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීම සඳහා මෘදුකාංගයක් හදුන්වාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 
 
දිවයින පුරා පිහිටි මහා රෝහල්, ශික්ෂණ රෝහල්, දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල්වලට ද එවැනි මෘදුකාංගයක් හදුන්වාදීමෙන් ඖෂධ හිඟය මඟහැරවූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම සාකච්ඡාවට රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ද සහභාගි වී සිටියහ. දේශීය ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරිම සඳහා දැනට ක්‍රියාත්මක විෂය නිර්දේශය සංශෝධනය කිරීම පිළිබඳ ව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා විය. ආචාර්ය මණ්ඩල හිඟය පිළිබඳව ද සාකච්ඡා කළ අතර, මතු වූ ගැටළුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසඳුම් ලබාදෙන ලදි. 
 
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ව්‍යාජ වෛද්‍යවරුන් ද බිහි ඇති බැවින් ඉදිරියේ දී ඔවුන් හඳුනාගෙන ඉවත් කිරිමට පියවර ගැනීමට නියමිතය. 
 
ආයුර්වේද රෝහල්වල දෛනිකව ඖෂධ හිඟයක් ඇතිවන බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය. එම ඖෂධ හිඟය මඟ හැරවීම සඳහා මෘදුකාංගයක් හඳුන්වාදීමට මෙහිදී යෝජනා කෙරුණි. බොරැල්ල ආයුර්වේද රෝහල් සඳහා ඉදිකෙරෙන මහල් 08 කින් යුක්ත ගොඩනැගිල්ල ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.