Print this page

''මතින් නිදහස් රටක්'' ජාතික වැඩසටහන පනදුර දී ...

ජූලි 17, 2017

''මතින් නිදහස් රටක්'' ජාතික වැඩසටහන ලබන 19 දින කළුතර දිස්ත්‍රික්කයේ, පනදුර දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡවට අද (17) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

මෙහිදී අඳහස් දැක් වූ අමාත්‍යවරයා; මෙය අතිගරු ජනාධිපතිතුමාගේ ම සංකල්පයක්.අතිගරු ජනාධිපතිතුමා මේ සඳහා නායකත්වය ලබාදෙනවා.එතුමාගේ උපදෙස් පරිදී මේ වනවිටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

මේ අවස්ථාවට සහභාගී වූ කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා;සෑම ග්‍රාමීය හා ප්‍රාදේශීය කොට්ඨාශයකම මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.ග්‍රාමීය කමිටු හරහා වැඩසටහන් ක්‍රියාත්මකයි. අත් පත්‍රිකා බෙදා හැරීම්, දැනුවත් කිරීම්,වැටලීම් ක්‍රියාත්මකයි.කළුතර දිස්ත්‍රික්කයේ වසර 2015 හා සැසදීමේ දී 2016 මත්ද්‍රව්‍ය භාවිතය අඩු වී තිබෙනවා.