Print this page

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විභාගයක් 25 දා

ජූනි 19, 2017

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය - 2016 (2017) විභාගය ලබන 25 වැනි දින කොළඹදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙම විභාගය කොළඹ විභාග මධ්‍යස්ථාන 09කදී පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන්  1371 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.

සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර පසුගිය 9 වැනි දා තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් විමසීමක් ඇතොත් පහත සඳහන් දූරකතන අංක ඇමැතීමට කටයුතු කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දූරකතන අංක - 0112785230/0112177075

ක්ෂණික ඇමතුම් - 1911 ( පැය 24 පුරා)