Print this page

පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ හැකියා සහ වෘත්තීය කුසළතා වර්ධනය කෙරේ

ජූනි 18, 2017

පාර්ලිමේන්තු ප්‍රවෘත්ති වාර්තා කිරීමේ කටයුතුවල නියුතු පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ හැකියා සහ වෘත්තීය කුසළතා ප්‍රවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහනක් ඊයේ (17) පැවැත්විණි.

මීගමුව,හෙරිටන්ස් හෝටලයේ දී පැවැති මාධ්‍ය වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා සහ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී විය.


පුහුණු වැඩමුළුවේ දී පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කළ අතර පාර්ලිමේන්තු මාධ්‍ය කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනමාධ්‍යවේදීන් සඳහා මෙවැනි මාධ්‍ය පුහුණු වැඩමුළුවක් පාර්ලිමේන්තුව විසින් සංවිධානය කළ පළමු අවස්ථාව බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්,නීල් ඉද්දවල මහතා පැවසී ය.


මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ සහකාර ලේකම් ටිකිරි ජයතිලක මහතා, ඇතුළු පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීහු රැසක් එක් වූහ. පුහුණු වැඩමුළුව සඳහා සහයෝගීත්වය සැපයීමට USAID ආයතනය සහ  SDGAPආයතනය කටයුතු කර තිබුණි. USAIDආයතනයේ අධ්‍යක්ෂිකා ඩැනියෙල් රීෆ් මහත්මිය,  SDGAPආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ  මහත්මිය මෙන් ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විද්‍යුත් සහ නව මාධ්‍ය සංගමයේ මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.