අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත්වූවන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාර

    මැයි 27, 2017

    අපදාවට ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැලසීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ එක හමාරක් ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ සඳහන් කළේය.

    මීට අමතරව ආපදා සහන සේවය වෙනුවෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායම් සෞඛ්‍ය කණ්ඩායම් කඩිනමින් යෙදවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

    කිසිදු ඖෂධ හිඟයකින් තොරව ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමට සෟඛ්‍ය අංශ කටයුතු කරයි. සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සේවයේ යොදවා තිබේ.

    මේ වන විටත් රෝහල් කිහිපයක් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් එම රෝහවල නේවාසික  රෝගීන් වෙනත් රෝහල් කරා සුක්ෂිතව ගෙනයාමට පියවර ගෙන තිබේ.

    මෘත ශරීර මිහිදන් කිරීමට කටයුතු නොකර ළඟම තිබෙන රජයේ රෝහල් වෙත ලබාදෙන ලෙසත් ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya