මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා තත්ත්වය හේතුවෙන් තීරණ රැසක් ගනී

    මැයි 26, 2017

    අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ජල ගැලීම 2003 වසරේ ඇති වූ තත්ත්වයට වඩා දරුණු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (26) පෙරවරුවේ මේ බව සඳහන් කළ අතර ගාල්ල නෙළුව නගරයේ අධිවේගි විදුලි රැහැන් පද්ධතියද අභිබවා යමින් ජලමට්ටම ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

     

    ගං වතුර හේතුවෙන් කොටු වී සිටින ජනතාව බේරා ගැනීම සඳහා සහ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යොදා තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා තමා ළඟ තිබෙන ධීවර බෝට්ටු ළඟම තිබෙන පොලීසිය හෝ ආරක්ෂක හමුදා ස්ථානයක් වෙත භාර දී ජනතාව බේරා ගැනීම සඳහා සහය දක්වන ලෙස අමාත්‍යවරයා ධීවර ප්‍රජාවන්ගෙන් ද ඉල්ලීමක් කරයි. එම ධීවර බෝට්ටු සේවාව ලබාදීම වෙනුවෙන් 2003 වසරේ සිදු කළ පරිදි ගෙවීම් කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඉදිරියේ පැවැත්වීමට තිබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ විභාග ද කල් දමා ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

    මෙම ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත 3ක් අහිමි වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

    එසේම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් රජයේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙන අතර ආපදාවන්ට ලක් වූ රාජ්‍ය සේවකයින් සඳහා එය බල නොපැවැත්වෙන බවත් සියලු ක්ෂේත්‍ර නිලධාරීන් ආපදා සහන සේවාවන් සඳහා යොදා තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එසේම ඊයේ දිනයේ ආරම්භ දිසාපතිවරුන්ගේ සමුළුව ඊයේ දිනයට පමණක් කර අද සිට සියලු දෙනාම ආපදා සහන සේවාවන් වෙනුවෙන් එක් වී සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya