Print this page

මාස 05 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 48368ක්

මැයි 20, 2017

2017 වර්ෂයේ ගත වූ මාස 05 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  48368ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 41.39%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බව පවසන වසංගත රෝග විද්‍යා ඒකකය, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  16 වන සතිය තුළදී බව පවසයි.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවද වසංගත රෝග විද්‍ය ඒකකය කියයි.