Print this page

බෙන්තර ගංතෙර අසබඩ සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘත කිරීම එළඹෙන ජුනි මස 06දා

මැයි 20, 2017

බෙන්තොට පුරවරයට මහත් ආශිර්වාදයක් ගෙනෙන හා දෙස් විදෙස් ජන ආකර්ෂණයට ලක්වන අයුරින් බෙන්තර ගංතෙර අසබඩ ගල්තලාව මත සමාධි මුද්‍රාවෙන් ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමාවහන්සේගේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින අතර බැතිමතුන්ගේ වන්දනාමාන කිරීම වෙනුවෙන් ජුනි මස 06දා සවස 04.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

පුණ්‍ය මහෝතසවය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් මෙම බුද්ධ ප්‍රතිමාවහන්සේ ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බෙන්තොට උඩකොටුව බෝධිසමීප රජමහා විහාරාධිපති බෙන්තර ජිනානන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූහ.

එම අවස්ථාව සඳහා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ, දකුණු පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර, බෙන්තොට පොලිස් ස්ථානාධිපති රොෂාන් කරුණාරත්න යන මහත්වරුන්, බෙන්තොට හෝටල් සංගමයේ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීහු ඇතුලු විශාල පිරිසක් එක්වූහ.