Print this page

තොරතුරු දැනගැනීම පිළිබඳ ගුරු උපදේශකවරුන් දැනුම්වත් කෙරේ

මැයි 19, 2017
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධයෙන් කොළඹ සහ කළුතර දිස්ත්‍රික් ගුරු උපදේශකවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
 
මෙම වැඩමුළුවේ සමාරම්භය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු වේ.
 
මෙම අවස්ථාව සඳහා කොළඹ හා කළුතර දිස්ත්‍රික් නියෝජනය කරමින් සිංහල මාධ්‍ය ගුරු උපදේශකවරු 300කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.