Print this page

පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍රවල පවිත්‍රතා කටයුතු විධිමත් කරන්න

අප්‍රේල් 21, 2017

පාසල් නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍රවල පවිත්‍රතා කටයුතු විධිමත් කරන්නැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, අධ්‍යාපන, පළාත් පාලන සහ රාජ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා පවසා තිබේ.

 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍ර පවිත්‍රතා කටයුතු විධිමත් කිරිම සදහා අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් පාලන සහ රාජ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශ නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් ලබන 24 දා  පැවැත්වීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.