Print this page

පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක්

අප්‍රේල් 21, 2017

කුඩා ජල විදුලිබලාගාර ආශ්‍රිතව සිදු කෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් ද, කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සංවර්ධකයින්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ද මෙම හමුුවට එක්ව සිටියහ.