Print this page

මීතොටමුල්ල පරීක්ෂා කිරීමට ජපන් විශේෂඥ කණ්ඩායමක් අද දිවයිනට

අප්‍රේල් 20, 2017

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පසුගිය දා ඇති වූ ආපදා තත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ විශේෂඥයින් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතය. 

එම කණ්ඩායම විසින් මීතොටමුල්ල කුණු කන්ද සහ අනෙකුත්  ස්ථාන පරීක්ෂාකොට සම්පූර්ණ තාක්ෂණික වාර්තාවක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ආපදා කළමනාකරණ අමාත්‍ය, අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (19) ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති ක්ෂණික ජපන් ආධාර තොගයක් බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

එසේම එම ක්ෂණික ජපන් ආධාර තොගය බෙදා දීම සඳහා දිවයිනට පැමිණි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා මෙහිදී ප්‍රකාශ කළේ  මෙම පර්යේෂණ කණ්ඩායම අදාල ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙකී ගැටළුව සඳහා දිගු කාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට සිය රජය කටයුතු කරනු ලබන බවයි.