අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාදැල් කර්මාන්තයේ ගැටළුවලට විසඳුම්

    අප්‍රේල් 10, 2017

    දිවයිනේ සියළු මාදැල් තොටුපල සදහා එකම සැලැස්මක් යටතේ වාඩි ඉදි කර දීම අපේක්‍ෂාවයි. එමගින් ගැටළු රැසකට විසදුම් ලැබෙනු ඇති, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

    මාදැල් කර්මාන්තය ආශ්‍රිතව පැනනැගී ඇති ගැටළු වලට නිශ්චිත විසදුම් ලබාදී කර්මාන්තය රැකගැනීම උදෙසා කළ හැකි සියල්ල සිදු කරන  බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.

     

    දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේ මාදැල් කර්මාන්තයේ නිරත පාරම්පරික ධීවර ජනතාවට විවිධ ආයතන වලින් එල්ල වන ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බැවින් එම ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දිය යුතුව ඇති බවය.

     

    සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව සදහන් කළේය.

    මාදැල් හා වෙරළබඩ ධීවර කර්මාන්තයේ වර්තමානයේ පැනනැගී ඇති ගැටළු සදහා තිරසාර ප්‍රායෝගික විසදුම්  ලබා දීමට කටයුතු කිරීමේ බලය හිමිවී දින කිහිපයක් තුළ තමන් කැදවා මෙවැනි පලදායි සාකච්ජාවක් පවත්වා, සැබෑ ලෙසම මාදැල් කර්මාන්තයේ අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමට ගන්නා උත්සාහය පිළිබදව තමන් අතිශය සතුටට පත්වන බව මෙම සාකච්ඡාවට එක්වූ සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සම්මේලනයේ නියෝජිතයන් අවධාරණය කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya