Print this page

සමූපකාර පළාත් අමාත්‍ය සමුළුව අද

මාර්තු 20, 2017

පළාත් සභා පිහිටුවීමත් සමඟ රජය යටතේ හා පළාත් සභා යටතේ විමධ්‍යගත වී ඇති සමූපකාර විෂය සම්බන්ධයෙන් ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් සැකසීම අරමුණු කරගනිමින් ‘‘සමූපකාර පළාත් අමාත්‍ය සමුළුව - 2107“ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (20) පැවැත්වේ.


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ සියලුම පළාත් සමූපකාර ඇමතිවරු ද සමූපකාර විෂයට අදාල නිලධාරී මහත්ම මහත්මීන් හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.