Print this page

සුනිල් මාධව ප්‍රේමතිලකගේ සුවදුක් බැලීමට ජනමාධ්‍ය ඇමති යයි

මාර්තු 18, 2017

ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සුනිල් මාධව ප්‍රේමතිලක මහතා  පදිංචිව සිටින නිවස වෙත ගියේය.

සුවදුක් විමසීමෙන් අනතුරුව සුනිල් මාධව ප්‍රේමතිලක මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් ද පිරිනැමීය