අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර විශේෂ රැස්වීමක්

    ජනවාරි 09, 2017
    පවතින දේශගුණික තත්වය හා ආහාර සුරක්ෂිතතාව හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා මහනුවර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ රැස්වීමක් ජනවාරි 13 දින පෙ.ව. 9.30 ට  පැවැත්වේ.
    ඒ අනුව උද්ගතව ඇති ගැටළු පිළිබද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කොට ගනු ලබන තීන්දු තීරණ ජනාධිපති කාර්යාලයට වෙත ‍යැවීමට නියමිතය. මීට අමතරව 2017 වසර දිළිදු කමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කොට ඇති බැවින්, එම වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ආකාරය සැළසුම් කිරීම මෙම විශේෂ කමිටුව පැවැත්වීමේ තවත් අරමුණකි.
     
    මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සමාජ සවිබල ගැන්වීම් සහ සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධිකරණ කමිටුව පැවැත්වෙනු ඇත.
     
    AP/DMU- Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya