අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් පරිගණක ගත කිරීම සාර්ථකව සිදු වෙයි

    ජනවාරි 02, 2017

    මෙරට  ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරීම සාර්ථකව සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සඳහන් කරයි.

    එම ආයතනය, රෙජිස්ට්‍රා ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.


     
    මේ වන විට කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල බල ප්‍රදේශයේ ඉඩම් පිළිබඳව රජය සිදු කරනු ලබන කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සහ විධිමත්ව සිදු කිරීමට හැකියාව ලැබී තිබේ.

     

    ඉඩමක අයිතිය තහවුරු කර ගැනීම ඉඩමක ගොඩනැගිලි ඉදිකිරීමේ බලපත්‍ර නිකුත් කිරීම ඉඩමක පාරිසරික තත්ත්ව පරීක්‍ෂණ වාර්තා නිකුත් කිරීම ආදී කටයුතුවලදී අදාළ පළාත් පාලන ආයතනයන්ට මෙන්ම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවලට එම කටයුතු  සිදු කිරීම මෙමගින්  පහසුවේ.

     

    විශේෂයෙන්ම ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වු පහසුකම් සැලසීමේ දර්ශකය(Ease of Doing Business Ranking) මෙමගින් බල ගැන්වෙන අතර  දෙස් විදෙස් ආයෝජකයින්ට ව්‍යසායකයින්ට  මෙන්ම විවිධ පිරිස් සදහා ඇවැසි ඉඩම් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී එම කටයුතු වඩාත් පහසුවේ.

     

    මෙම ඉඩම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය නිසා ඉඩම් හිමිකරුවන්ට වාසි රැසක් අත්වේ. ඒ අනුව පුද්ගලික  ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කටයුතු මෙන්ම බිම් සවිය ඉඩම් හිමිකම් සහතික පත් ලබාදීම කාර්යක්‍ෂම කිරීමටද හැකිවේ.

     

    තවද ඉඩම් පත්ඉරු ස්කෑන් කර පරිගණක ගත කිරීමද එම තොරතුරු දත්ත පද්ධතියකට  ඇතුලත් කිරීමද සිදු කෙරේ. මෙමගින් ඉඩම් පිළිබඳ පැරණි තොරතුරුමෙන්ම ඉඩම් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහසුවෙන් දැන ගැනීමට හැකිවේ.

     

    තවද ස්භාවික ආපදා වලදී මෙන්ම කූට සහගත ලෙස ඉඩම් පිළිබඳ තොරතුරු විනාශ කිරීමේ අවස්ථාවන්ද මෙමගින් වැළැක්වේ.

     

    ඉඩම් අලෙවි කිරීමේදී මෙන්ම මිලදී ගැනීමේදී දැනට සිදුවන විවිධ අක්‍රමිකතා හා දුෂණ අවම කර ගැනීමටද මෙමගින් හැකිවන අතර මේ නිසා ඉඩම් පිළිබඳ කටයුතු වලදී අධිකරණයට යෑමේ අවස්ථාවන්ද අවම වේ.

     

    එසේම බැංකු ඇතුලු මුල්‍යය ආයතන වලට ඉඩම් තක්සේරු කිරීමේදී මෙන්ම ඉඩම් පිළිබඳ නීතිමය කටයුතු වලදී නීති ක්ෂේත්‍රයේ අයටද සිය කටයුතුවලට පහසුවක් වේ.

     

    ඉඩම් හිමිකම් සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මේ තුළින් වෙනසකට භාජනය වන බවත් මේ හා සම්බන්ධ රජයේ අනෙකුත් ආයතනද මෙම ක්‍රියාචලියට අනුගත වීම තුලින් එම ආයතන වලින් සපයන්නා වු ඉඩම් හිමිකම් හා බදු එකතු කිරීම යන සේවාවන් වඩාත් කාර්යක්‍ෂමව හා පුරවැසි කේන්ද්‍රියව සිදු කිරීමට  අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya