අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නත්තල් උත්සවය මීගමුවේදී

    දෙසැම්බර් 19, 2016
     
    මෙවර රාජ්‍ය නත්තල් උත්සවය මීගමුව කේන්ද්‍ර කර පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුත අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
    දෙසැම්බර් 22 වැනිදා රාජ්‍ය නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
     
    "කිතු උපතින් නැවුම් වන මිනිසත් බවට ඉඩ දෙමු"  යන්න මෙවර නත්තල් උත්සවයේ තේමාවයි.
     
    නත්තල සැමරීමේදී ආගමික කටයුතු වලට මුල් තැන දෙන ලෙසද අමාත්‍ය වරයා මෙහිදී ඉල්ලීමක්ද කළේය.රාජ්‍ය නත්තල් උත්සවය සදහා රුපියල් මිලියන 7.5 ක මුදල් ප්‍රතිපාදන රජය මගින් ලබා දී ඇත. 
     
    මෙවර නත්තල් උත්සවය නිමිත්තෙන් මුද්දර 2ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya