අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගාකරුවන් ශක්තිමත් කිරීමට වැඩසටහන් රැසක්

    දෙසැම්බර් 19, 2016
    ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ විදේශීය කුරුදු ‘ශ්‍රී ලංකා කුරුදු‘ නමින් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරම නැවැත්වීමට කටයුතු කරනු ලැබූ බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුයේ  මෙම ජාවාරම තුළින් දේශීය වගාකරුවන්ගේ වෙළදපොළ මෙන්ම ශ්‍රී ලංකාවේ කුරුදුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීමට විශාල තර්ජනයක් එල්ල වූ බවයි.
     
    ගාල්ල දිස්ත්‍රික් කුරුදු වගාකරුවන්ගේ සංගමය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව ගාල්ල සීනිගම දේවාල භූමියේ දී පැවැත්වු වාර්ෂික ‘නැවුම් කුරුදු මංගල්ලය‘ සදහා සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
     
    අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ ඉල්ලීමක් අනුව, මෙලෙස මැඩගස්කරය වැනි රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් අඩු කුරුදු ශ්‍රී ලංකාවට ආනයනය කර, පසුව ඒවා ශ්‍රී ලංකාවේ කුරුදු යන නාමය යටතේ වෙනත් රටවලට අපනයනය කිරීම මෙන්ම සමස්ත කුරුදු ආනයනය නැවැත්වීමට හැකි වූ බව දයා ගමගේ මහතා කියා සිටියේය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ ද සදහන් කළේය...
     
    “අපේ රටේ පුළුවන් තරම් කුරුදු වැඩිපුර වවන්න අවශ්‍යයි. හැබැයි අපි වෙළදපොළ ආරක්ෂා කරගන්න අවශ්‍යයි. කැබිනට් මණ්ඩලයට යෝජනාවක් යොමු කරලා, මොනම විදිහකින්වත් කුරුදු ආනයනය කරන්න බෑ කියලා තීරණයක් ගත්තා.
    මොකද, චීනය වගේ රටවල් වල තියනවා කුරුදු වගේ සමාන පෙණුමක් තියන ඒ සුවද තියන කැසියා. ඒවා මොනම විදිහකින්වත් ගුණාත්මකභාවයෙන් අපේ කුරුදු වලට සමාන කරන්න බෑ. අපේ කුරුදු වලින් අපිට පුළුවන් දියවැඩියාවට පිළියම් දෙන්න. ඒ ඖෂධීය ගුණය තියෙන්නේ කුරුදු වල විතරයි.
     
    ඒ විතරක් නෙවෙයි, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් අපි බලාපොරොත්තු වෙනවා කුරුදු, ගම්මිරිස් සහ තුනපහ - කුළුබඩු වර්ග වල වගාවන් ව්‍යාප්ත කරන්න. මීට සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා අඹ, අන්නාසි වගේ වගාවන් ව්‍යාප්ත කරන්න.
     
    මගේ අමාත්‍යාංශය යටතේ කෘෂි අධිකලාප 23 ක් ඇති කරන්න කටයුතු කරනවා. ඒකෙන් එකක් ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කරනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම, ධීවර අධිකලාප දහයක් ඇති කරන්න කටයුතු කරනවා. ඒකෙනුත් එක ධීවර අධිකලාපයක් අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.
     
    දැනට අපි කුරුදු අපනයනය කරලා ගන්නේ මිලියන 250ක් විතර. මට අවශ්‍ය කරනවා මේ ප්‍රමාණය ඩොලර් මිලියන දහසක් වෙනකල් වැඩි කරන්න. විශේෂයෙන්ම අපේ බලාපොරොත්තුව තමයි කුරුදු වලින් ඉහළ ආදායමක් ලබා ගන්න එක.“
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා, කුරුදු මංගල්ලය පෙරහැර ඉදිරියේ දී සංවිධාන කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.
     
    “මේ නැවුම් කුරුදු මංගල්ලය විශාල පෙරහැරකුත් එක්ක අපි ලබන අවුරුද්දේ සංවිධාන කරන්න ඕනි. මේක වෙළදපොළට යම් කිසි වටිනාකමක් ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ පළාතේ ඉන්න සංචාරකයින් මේ පෙරහැරට සම්බන්ධකරගෙන නුවර පෙරහැර වගේ අලංකාරවත් විදිහට මේ පෙරහැර සංවිධාන කරන්න. එතකොට ඒක තුළින් තමුන්නාන්සේලාගේ නිෂ්පාදන වලට ඉහළ වටිනාකමක් ලබා ගන්න පුළුවන්“
     
    මෙම අවස්ථාවට කුරුදු නිෂ්පාදකයින්, වගාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya