අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පට්ටිපොල නව පොලිස්ථානය ජනතා අයිතියට

    ඔක්තෝබර් 11, 2016
    පොලිසිය හා ජනතාව අතර මිත්‍රශීලිතාව වැඩි කිරීම සදහා  වැඩසටහන් රැසක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට නියමිත  බවත්, පොදු  ජනතාවගේ සමිපතම ආරක්ෂකයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ කටයුතු කාර්යක්ෂම හා වඩාත් ඵලද්‍රායි ලෙස සිදුකිරීමට ඉන් හැකියාව ලැබෙන බවත්  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.
    ශ්‍රි ලංකා පොලිසියේ 453 වන පොලිස් ස්ථානය ලෙස ඉදිකරන ලද පට්ටිපොල නව පොලිස් ස්ථානය  විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පසුගියදා පොලිස්පතිවරයා මෙම අදහස් පැවසීය.
     
    මෙහිදි තවදුරටත් අදහස් දැක්වු පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා සදහන් කලේ ජනතාවට වඩාත් වැඩි සේවාවක් සැලසිම අරමුණු කරගනිමින් තෝරාගත් ප්‍රදේශවල පොලිස් ජංගම සේවා පැවැත්වීමට පියවර ගන්නා බවයි.
     
    ශ්‍රී ලංකාවේ ඉහලින්ම පිහිටි පොලිස් ස්ථානය වන මෙහි පොලිස් ස්ථානයක තිබිය යුතු පාලන අංශය, විවිධ පැමිණීලි අංශය, අපරාධ අංශය, රථවාහන අංශය, ඇතුළු අනෙකුත් සියලුම අංශයන්ගෙන් සමන්විත වන අතර, තනිකඩ භට නිවාස පහසුකම්, ආපන ශාලාවකින් සහ භෝජනාගාරයකින්ද සමන්විත වේ.
     
    මෙම අවස්ථාවට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සහ පොලිස් නිලධාරින් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි වුහ
     
    මෙ අතර මෙතෙක් කලක් මුරපොලක් වශයෙන් පැවති නුවරඑළිය කොට්ඨාසයේ මන්දාරම්නුවර පොලිස් මුරපොල නව පොලිස් ස්ථානයක් ලෙස සංවර්ධනය කර විවෘත කිරීමද  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
     
     AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya