අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ඔක්තෝබර් 11, 2016

    දිවයිනේ පවතින වියළි  කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් ඔක්තෝබර් මස 13 වනදායින් පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද(11) නිකුත් කළ කාලගුණ අනාවැකියේ මේ බව සඳහන් වෙයි.

    උතුර, නැගෙනහිර සහ උතුරු මැද  පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්වයන් ඇතිවෙමින් පවතින බවද කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී. 50 පමණ) තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තු වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් ස්ථාන ස්වල්පයක ඇති වන වැසි ස්වල්පයක් හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන්  වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya