අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපතී මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනියි

    ඔක්තෝබර් 10, 2016
    වත්මන් රජය මගින් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ මාධ්‍ය තුළින් සංහිදියාව ගොඩ නැංවීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම සහ රජය මගින් ගෙන යන සංවර්ධන වැඩකටයුතු පිළිබද මහජනතාව වඩාත් හොදින් දැනුවත් කිරීම බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමීතියාස් බාකිර් මාකර් මහතා පවසයි.
     රජයේ සංවර්ධන සම්බන්ධ දැනුවත් කිරීමේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු‍වද සම්බන්ධ කරගනිමින් පුළුල් දැනුවත් කිරීමේ කටයුත්තක් කිරීමට සැලසුම් කරන බවද බාකීර් මාකර් මහතා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ මහනුවරදී මහනාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
     
    ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ඇරඹීමේ අරමුණ මාධ්‍ය වාරණයක් දැමීම බවට ඇතැමුන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බව පැවසූ බාකීර් මාකර් මහතා, යහපාලනය ගොඩ නැංවීම සදහා මාධ්‍ය මගින් ඉටු විය යුතු වගකීම අවබෝධ කරගෙන තමා කටයුතු කරන බවද පෙන්වා දෙන ලදී. 
     
    මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාමියෝ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බාකීර් මාකර් මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පෙමසිරි මහනායක හිමිපාණන්වද බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී. මෙම අවස්ථාව සදහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතාද සහභාගී විය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya