අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී සංචාරක ප්‍රවර්ධනයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 42 ක ආධාර

    ඔක්තෝබර් 10, 2016
    පරිසර හිතකාමී සංචාරක ප්‍රවර්ධනයක් වෙනුවෙන් ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 42 ක ආධාර ලබාදීමට එකඟවී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
    පරිසර පද්ධති කළමනාකරණය හා පරිසර හිතකාමී සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 42 ක ආධාරයක් ලබාදීමට එකඟවී ඇති බවත් එස්කෑම්ප් (ESCMP) යනුවෙන් හදුන්වන මෙම ව්‍යාපෘතිය ඉදිරි මාස 03 ඇතුළත වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
     
    මේ යටතේ සිදුකරන ප්‍රධාන වැඩසටහනක් වන්නේ  අලි සංරක්ෂණ කලාප පිටුවීමයි. මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණ හා ඌව කලාප තුළ මෙම හදුනාගැනීම් කටයුතු සිදුකරගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
     
    නියෝජය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකළේ මොණරාගල දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන වැලැක්වීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පසුගියදා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රගති සමාලෝචන විශේෂ රැස්වීමකට සහභාගී වෙමිනි.
     
    “මෙම අලි සංරක්ෂණ කලාප තුළ ජාතික උද්‍යාන, ස්වාභාවික රක්ෂිත, අභයභූමි, වනසංරක්ෂණ කැළැ ආදිය ඇතුළත්. වැව්, දියවලවල් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණය, වන අලින්ට ආහාරමය වටිනාකමක් තිබෙන ශාක වගාකිරීම, විවිධ ස්ථානවල යෝජිත විදුලිවැටවල් ඒකාබද්ධවන ලෙස විදුලිවැට ශක්තිමත් කිරීම, ජී.පී.එස් කෝලර් යොදා වන අලි සංක්‍රමන රටා හදුනා ගැනීම හා ඒතුළින් වන අලි සංරක්ෂණ කටයුතු වර්ධනය කිරීම, අලි  වැටවල් ආසන්නයේ අලින් අකමැති ශාක වගාකිරීම, ජාතික උද්‍යාන අවට ප්‍රදේශවාසීන්ට යම් යම් ජීවනෝපාය මාර්ග සැකසීම මෙම වැඩපිළිවෙලට ඇතුළත්”. යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍ය වරිය මෙහිදී පැවසුවාය.
     
     
    මොණරාගල දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන වැළැක්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස්මත තර්ජිත ගම්මාන රැසක් ආවරණය කරමින් ආරක්ෂිත විදුලිවැටවල් ඉදිකෙරෙන අතර එම විදුලිවැටවල සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර් 85කි. මේ සඳහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 425කි. තණමල්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ උඩවලව, ලුණුගම්වෙහෙර  ප්‍රදේශයේ කලවැල්ගම සිට මලි ආර දක්වා කිලෝමීටර් 10.5 සුද්ද කර යළි විදුලි වැට සක්‍රිය කර ඇත. උඩවලව ලුණුගම්වෙහෙර අලිමංකඩ හරහා වැටී ඇති තණමල්වීල හම්බෙගමුව වෙලීඔය මාර්ගය දෙපස විදුලිවැට දෙපසින් සුද්දකිරීම, බලහරුව දෙබරආර  මයිලවල දෙසට වන අලින් ගමන්කිරීම වැළැක්වීම සඳහා වැල්ලවාය ප්‍රදේශිය ලේකම කොට්ඨාසයේ විදුලිවැට කඩිනමින් ඉදිකිරීම, හම්බෙගමුව, රතඹලාගම විදුලිවැට සඳහා උඩවලව ජාතික උද්‍යානයේ උතුරුමායිමේ කිලෝමීටර් 5 ක කොටස ජී. පී. එස්. කර අවසන් කිරීම, තණමල්විල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයට අයත් දහයියාගල අභයභූමියට අයත් කොටස සුද්ද කිරීම, පැලවත්ත ප්‍රදේශයේ ගම් වදින වන අලි යාල ජාතික උද්‍යානයට හා ලුණුගම්වෙහෙර උද්‍යාන වලට පලවා හැරීම, කුඩා ඔය යුධ හමුදා කඳවුර ආසන්නයේ විදුලිවැට සක්‍රිය කිරීම,  ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මෙවනවිට ගෙන ඇත.
     
    සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ වන අලි ගම්වැදීම වැලැක්වීම සඳහා ගනුලබන ආරක්ෂිත ක්‍රියාමාර්ග කිසිදු පමාවකින් තොරව ක්‍රියාත්මක කරන ලෙසයි. නව ආරක්ෂිත විදුලි වැටවල් ඉදිකිරීම, විදුලි වැටවල් ආසන්නයේ අගල් කැපීම, අබලන්වී ඇති විදුලි වැටවල් ප්‍රතිසංස්කරණය කර සක්‍රිය කිරීමට වැඩි අවධානයක් යොමුකරන ලෙස නියෝජය අමාත්‍යවරිය විසින් මෙහිදී උපදෙස් දෙන ලදී.
     
    තිරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya