මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය මහ රෝහලේ අඩුපාඩු පිළිබද වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට,

    ඔක්තෝබර් 10, 2016
    නෙදර්ලන්ත ආධාර යටතේ නුවරඑළිය මහ රෝහලේ ඉදිකෙරෙන නව වාට්ටු සංකීර්ණයේ හදුනාගත් අඩුපාඩු පිළිබද ලිඛිත වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතාට උපදෙස් දී ඇත.
    එම ලිඛිත වාර්තාව සකස් කිරීමේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ, හෙද හෙදියන්ගේ සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල සහයෝගය ද ලබාගත්නා ලෙස දැනුම් දෙන ලදි.
     
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් ප‍්‍රකාශ කළේ නුවරඑළිය මහ රෝහලේ ඉදිකරමින් පවතින නව වාට්ටු සංකීර්ණය නිරීක්ෂණ කිරීමෙන් අනතුරුවයි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා , මෙම වාට්ටු සංකීර්ණයේ මතුව ඇති අඩුපාඩු පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අතිරේක ලේකම්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත්කර තිබෙනවා. නිරික්ෂණවලදී හදුනාගත් අඩුපාඩු පිළිබදව වාර්තාවක්  සකස් කර ලබාදෙන ලෙස මම නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පසුගිය කාලයේ දී අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් විසින් නිරික්ෂණය කරනු ලැබුවා. රෝගී සත්කාරක සේවා නිසි අයුරින් ලබාදීම සදහා මෙම ගොඩනැගිල්ල නිවැරදිව ඉදිකළ යුතුයි. කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ද ලබාදිය යුතුයි.” යයි පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ නුවරඑළිය මහ රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ කටයුතුද නිරීක්ෂණය කළ බවයි. මෙහිදී සුළු අඩුපාඩු හදුනාගත් අතර, ඒවා සකස් කර දීමට කොන්ත‍්‍රාත්කරුට දැනුම් දෙනු ලබන බවත්, ඒ අනුව එම අඩුපාඩු ඉදිරියේ දී සකස් කරනු ඇති බවත්, මෙම ගොඩනැගිල්ලට අවශ්‍ය උපකරණ ලබාගැනීම සදහා පියවර ගන්නා බවයි.
     
    එමෙන්ම මෙම රෝහල වතුකරයේ දමිල ජනතාවට නෙදර්ලන්ත රජයෙන් ලැබුනු වටිනා ආයෝජනයක් බැවින් එම ආයෝජනය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක් යැයි ද සදහන් කරන ලදි.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya