අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව ඇරැඹේ

    ඔක්තෝබර් 09, 2016

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුව පසුගිය දා (06) අමෙරිකාවේ වොෂිංටන් නුවර දී පැවැත්විණි.   

    ලෝක ආර්ථික අර්බුදය, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වූ මූල්‍ය සූදානම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. සමුළුවේ දී ශ්‍රී ලංකාවට ඉහළ  ඇගයීමක් ලැබුණු බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.


    මේ අතර  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව ද පසුගිය දා (07) ආරම්භ විය. මෙවර ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට ලොව රටවල් 189ක මුදල් අමාත්‍යවරු ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙළ නිලධාරීහු සහභාගී වී සිටිති.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමතරව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක් ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya