මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර සැකසීමට ගන්නා තෙල් වර්ග ගැන විශේෂ අවධානයක්

    අගෝස්තු 20, 2016

    ආහාර සැකසීම සඳහා භාවිතයට ගන්නා තෙල් වර්ගවල ඇසුරුම් නීති රීති නැවත බලගැන්වීමට හා නව නියෝග සකස් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ  (පාරිභෝගික කටයුතු සහ තොරතුරු ) චන්ද්‍රා තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

    විශේෂයෙන් ම මිනිස් ආහරයට නුසුදුසු තෙල් වර්ග වෙළඳපොළේ පවතින බවට සමීක්ෂණවලදී හෙළි වී තිබෙන බව කී තිලකරත්න මහත්මිය, පොල් තෙල් සඳහා වෙනත් තෙල්වර්ග මිශ්‍ර කෙරෙන අවස්ථා ද පවතින බවත්  ඒ නිසා නුදුරේම පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඇසුරුම් නීතිය නැවත පැනවීමට හා නව රෙගුලාසි හඳුන්වාදීමට කටයුතු කරන බවද පැවසුවාය.

    ආහාරයට ගන්නා තෙල් නිෂ්පාදනය කරන ආයතන හා මෙරටට තෙල් ගෙන්වන ආයතන ලියාපදිංචි කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව එම නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීමට හැකි වන බවත් චන්ද්‍රා තිලකරත්න මහත්මිය පැවසුවාය. මෙම වැඩපිළිවෙල මාස දෙකක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවද කීවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya